News
Korean Bhasha
Korean Bhasha
item banner
16-37-2022
දකුණු කොරියාවේ අවම වැටුප 5% කින් ඉහළට.
දකුණු කොරියාවේ අවම වැටුප 2023 ජනවාරි 1 වන දින සිට පැයකට KRW 9,620 (LKR 2,689) දක්වා ඉහළ දමා ඇත. එය මෙය මෙම වසරට සාපේක්ෂව 5% ක වැඩිවීමකි. මාසිකව කරන වැඩ ප්‍රමාණය පැය 208ක් යැයි සළකා, අවම මාසික වැටුප KRW 2,010,580 (LKR 562,087) බව ප්‍රකාශ කර ඇත. මේ පිලිබඳව තිබූ රැස්වීමේදී, සේවක කමිටුව KRW 10,080 යෝජනා කළ අතර, සංස්ථා කමිටුව KRW 9,330 අවම පැයක වැටුප ලෙස යෝජනා කළේය. කමිටු දෙකම එකග නොවීම නිසා අවසාන කැඳවීම රාජ්‍ය සේවා කමිටුවට යොමු විය. දකුණු කොරියානු අවම වැටුප් කොමිෂන් සභාව සේවක කමිටුවේ සාමාජිකයින් 9 දෙනෙකු, පරිශීලක කමිටුව සහ මහජන අවශ්‍යතා කමිටුව ඇතුළුව සාමාජිකයින් 27 දෙනෙකුගෙන් සමන්විත වේ.