News
Korean Bhasha
koreanbhasha.lk
සේවා කොන්දේසි | Terms of Services
අවසන් වරට යාවත්කාලීන කළේ [01 පෙබරවාරි 2023]
කොරියානු භාෂා ඉගෙනුම යෙදුම EPS TOPIK (රැකියා බලපත්‍ර ක්‍රමය - කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය) විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින් සඳහා සහ වෙනත්, උනන්දුවක් දක්වන පුද්ගලයින්ගේ කොරියානු භාෂා ප්‍රවීණතාව ඉහළ දමනු වස් නොමිලේ අධ්‍යාපනික විශේෂාංග සහ තොරතුරු සහ සුලු මුදලක් ගෙවා ලබාගත හැකි ලෙස වචන 2500 කට ආසන්න ප්‍රමාණයක් වාක්‍ය සඳහා ප්‍රවේශය ඇතුලු තවත් සේවා ලබා දෙමු.
යෙදුමේ පහත සේවාවන් අඩංගු වේ.
  • කොරියාව ගැන - මෙහි අඩංගු ලිපි හා වීඩියෝ මාලාව තුල කොරියාව පිළිබඳ තොරතුරු තිබේ. (නොමිලේ)
  • පුවත් - කොරියාව පිළිබඳ නවතම පුවත්. (නොමිලේ)
  • අකුරු - කොරියානු අකුරු සහ අංක. (VAS දායකත්වය හෝ මාස 6/12 ගෙවූ දායකත්වය අවශ්‍යයි. VAS සඳහා රු. 5 + බදු/දිනකට සහ මාස 6ක් සඳහා රුපියල් 800ක් හෝ මාස 12ක් සඳහා රු. 1200ක් අය කෙරේ.)
  • වචන - විවිධ අවස්ථාවල භාවිතා වන කොරියානු වචන. (VAS දායකත්වය හෝ මාස 6/12 ගෙවූ දායකත්වය අවශ්‍යයි. VAS සඳහා රු. 5 + බදු/දිනකට සහ මාස 6ක් සඳහා රුපියල් 800ක් හෝ මාස 12ක් සඳහා රු. 1200ක් අය කෙරේ.)
  • වාක්‍ය - දෛනික අවශ්‍යතා සඳහා කොරියානු වාක්‍ය ඛණ්ඩ. (VAS දායකත්වය හෝ මාස 6/12 ගෙවූ දායකත්වය අවශ්‍යයි. VAS සඳහා රු. 5 + බදු/දිනකට සහ මාස 6ක් සඳහා රුපියල් 800ක් හෝ මාස 12ක් සඳහා රු. 1200ක් අය කෙරේ.)
  • භාෂා පාඨමාලා (ළඟදීම!) - සුදුසුකම් සහිත ගුරුවරුන් විසින් පිරිනමනු ලබන කොරියානු භාෂා පාඨමාලා. (පාඨමාලා ගාස්තු අය කෙරේ)
  • විභාග පුහුණුව - විභාග ප්‍රශ්න පත්‍ර, මෙහිදී ඔබට විභාගයට බොහේ සෙයින් සමාන අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව ලබා දෙයි. (එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා සය මසක දායකත්වයකට එක්වරක් ගෙවිය යුතු ගාස්තුවක් අදාල වේ)
  • කොරියානු රැකියා අපේක්ෂක ඔබට - කොරියානු රැකියා සොයන්නන්ට වැදගත් වන තොරතුරු අඩංගු කෙටි වීඩියෝ.(නොමිලේ)

අගය එකතු කළ සේවාවන් (Value Added Services)

  • VAS සේවා (අගය එකතු කළ සේවාවන්) පහසුවෙන් සක්‍රීය කරගැනීමෙන් ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට කොරියානු භාෂා සේවාවන් භුක්ති විඳිය හැකිය. පහත සේවා සපයන්නන් සේවාව සඳහා සහාය දක්වයි.
    • ඩයලොග්
    • එයාර්ටෙල්
    • හච්
    • මොබිටෙල්(තවමත් සහාය නොදක්වයි.)
  • පරිශීලකයා සේවාව සක්‍රීය කළ පසු පරිශීලකයාට දිනකට රුපියල් 5 + රජයේ බදු අය කෙරෙන අතර පහත සේවාවන් වෙත ප්‍රවේශය ලැබෙනු ඇත.
    • අකුරු - කොරියානු අකුරු සහ අංක.
    • වචන - විවිධ වර්ගවල කොරියානු වචන.
    • වාක්‍ය - දෛනික අවශ්‍යතා සඳහා කොරියානු වාක්‍ය ඛණ්ඩ.
  • මෙම රුපියල් 5 + රජයේ බදු සෑම දිනකම මධ්‍යම රාත්‍රී 12.00 ට අය කරනු ලැබේ. කිසියම් හේතුවක් නිසා එය අඩු නොකළේ නම් එය එදින තුළ සිදු කරනු ලැබේ.
  • කිසියම් හේතුවක් නිසා සේවාව සක්‍රීය කළ පරිශීලකයාට දැනටමත් භාවිතා කර ඇති සේවාවන් සඳහා මුදල් ආපසු ලබා ගත නොහැක.
  • මෙම සේවාව අක්‍රීය කිරීම පරිශීලක සැකසුම් මෙනුව භාවිතයෙන් සිදු කළ හැක.
කොරියානු භාෂා යෙදුමෙන් පාරිභෝගිකයින්ට පහත සේවාවන් ගාස්තු ගෙවා ලබාගත හැක,
  • අකුරු, වචන සහ වාක්‍ය - මාස 6 / 12 සඳහා එක් වරක් ගෙවීමේ දායකත්ව විකල්පය තේරීමෙන් පාරිභෝගිකයින්ට සම්පූර්ණ අන්තර්ගතයට ප්‍රවේශ විය හැක.
  • විභාග පුහුණුව - විභාග ප්‍රශ්න පත්‍ර වලට අන්තර්ක්‍රියාකාරීව මුහුණ දිය හැකි පරිදි යෙදුම නිමවා ඇති බැවින් ඔවුන්ට සත්‍ය විභාග අත්දැකීමට බොහෝ සෙයින් සමාන විභාගයක අත්දැකීමක් ලබා ගත හැකි අතර ප්‍රතිඵල වහාම ලබා ගත හැකිය. මෙම අනුකරණය කරන ලද විභාග අත්දැකීම සඳහා ප්‍රශ්නපත්‍රයක් සඳහා සය මසක දායකත්වයකට එක්වරක් ගෙවිය යුතු ගාස්තුවක් පාරිභෝගිකයාගෙන් අය කෙරේ.
  • අදාළ පාඨමාලා ගාස්තු ගෙවීමෙන් පාරිභෝගිකයින්ට සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ භාෂා පාඨමාලා සඳහා ප්‍රවේශ විය හැක. (ලඟදීම!)
KoreanBhasha.lk සේවාලාභියාගේ වගකීම, පරිශීලකයා සේවාවට දායක වන විට, සේවාව භාවිතා කරන අතරතුර සහ ගෙවීම් කළමනාකරණය සම්බන්ද සම්පූර්ණ ක්‍රියාවලියන්ට පමණක් සීමා වේ.
මෙහි සේවාවන්හි අපට හිමි හෝ පාලනය නොවන තුන්වන පාර්ශ්ව වෙබ් අඩවි සහ සේවාවන් වෙත සබැඳි අඩංගු විය හැක. KoreanBhasha.lk සතුව එවැනි වෙබ් අඩවි සහ මාර්ගගත සේවාවන් සම්බන්ධයෙන් කිසිදු පාලනයක් නොමැති අතර, අප එහි කිසිදු වගකීමක් භාර නොගනී. ඔබ යෙදුම හැර යන විට ඔබ පිවිසෙන තෙවන පාර්ශ්ව වෙබ් අඩවියේ හෝ සේවාවේ නියමයන් සහ රහස්‍යතා ප්‍රතිපත්ති කියවන ලෙස අපි ඔබට යෝජනා කරමු.

මෙම සේවා කොන්දේසි වල වෙනස්කම් (Changes to this Terms of Service)

KoreanBhasha.lk කණ්ඩායම අපගේ සේවා කොන්දේසි කලින් කලට යාවත්කාලීන කළ හැක. මේ අනුව, කිසියම් වෙනසක් සඳහා මෙම පිටුව වරින් වර සමාලෝචනය කිරීමට ඔබට උපදෙස් දෙනු ලැබේ. මෙම පිටුවේ නව සේවා කොන්දේසි පළ කිරීම මගින් KoreanBhasha.lk කණ්ඩායම ඕනෑම වෙනස්කමක් ඔබට දැනුම් දෙනු ඇත. මෙම වෙනස්කම් මෙම පිටුවේ පළ කළ වහාම ක්‍රියාත්මක වේ. සේවා කොන්දේසි වල “අවසාන යාවත්කාලීන කළ දිනය” යාවත්කාලීන කිරීමෙන් අප ඔබට කිසියම් වෙනස්කමක් ගැන දැනුම් දෙන්නෙමු, ඔබ, එවැනි එක් එක් වෙනස් කිරීම් පිළිබඳ නිශ්චිත දැනුම්දීමක් ලැබීමට ඇති ඕනෑම අයිතියක් අත්හැරිය යුතුය.

Contact Us

ඔබට මෙම ලේඛනය පිළිබඳ කිසියම් ප්‍රශ්නයක් හෝ යෝජනා තිබේ නම්, support@koreanbhasha.lk හි අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න.