කොරියන් භාෂා ඉගෙනුම යෙදුම EPS TOPIK (රැකියා බලපත්‍ර ක්‍රමය - කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය) විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින් සඳහා සහ වෙනත්, උනන්දුවක් දක්වන පුද්ගලයින්ගේ කොරියානු භාෂා ප්‍රවීණතාව ඉහළ දමනු වස් නොමිලේ අධ්‍යාපනික විශේෂාංග සහ තොරතුරු සහ සුලු මුදලක් ගෙවා ලබාගත හැකි ලෙස වචන 2500 කට ආසන්න ප්‍රමාණයක් වාක්‍ය සඳහා ප්‍රවේශය ඇතුලු තවත් සේවා ලබා දෙමු.
වඩා ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් සේවාවක් ලබා දීම සඳහා මෙම යෙදුම ඔබගේ යම් තොරතුරු රැස් කර භාවිතා කරනු ඇත. මෙම තොරතුරු අභ්‍යන්තර ප්‍රවර්ධන අරමුණු සඳහාද භාවිතා කෙරෙනු ඇත.
පරිශීලකයින්ගේ පැහැදිලි අවසරයකින් තොරව, අලෙවිකරණ අරමුණු සඳහා පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු තෙවන පාර්ශවයන්ට විකිණීම හෝ කුලියට දීම සිදු නොකරමු. නීතිමය අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට, අපගේ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට, පළකිරීමක් හෝ වෙනත් අන්තර්ගතයක් වෙනත් අයෙකුගේ අයිතීන් උල්ලංඝනය කරන බවට වන ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වීමට හෝ ඕනෑම කෙනෙකුගේ අයිතිවාසිකම්, දේපළ හෝ ආරක්ෂාව ආරක්ෂා කිරීමට අප විසින් පරිශීලකයන්ගේ තොරතුරු හෙළිදරව් කළ හැක.
තොරතුරු රැස් කිරීම සහ භාවිතය (Information Collection and Use)
අපගේ සේවාව භාවිතා කරන අතරතුර වඩා හොඳ අත්දැකීමක් සඳහා, ඔබෙන් යම් පුද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු සපයන ලෙස අප විසින් ඉල්ලා සිටිය හැක. අප ඉල්ලා සිටින තොරතුරු ඔබගේ උපාංගයේ රඳවා තබා ගන්නා අතර එම තොරතුරු අප විසින් කිසිඳු ආකාරයකින් රැස් නොකෙරේ.
මෙම යෙදුම ඔබව හඳුනා ගැනීමට භාවිතා කරන තොරතුරු රැස් කළ හැකි තෙවන පාර්ශවීය සේවාවන් භාවිතා කරයි. යෙදුමෙහි භාවිතා කරන තෙවන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ රහස්‍යතා ප්‍රතිපත්ති වලට පහත සබැඳි වලින් පිවිසෙන්න.
ලොග් දත්ත (Log Data)
ඔබ මෙම සේවාව භාවිතා කරන සෑම අවස්ථාවකදීම, යෙදුමේ දෝෂයක් ඇති වූ විට අප කණ්ඩායම විසින් ලොග් දත්ත (Log Data) ලෙස හඳුන්වන ඔබගේ දුරකථනයේ දත්ත සහ තොරතුරු (තෙවන පාර්ශවීය නිෂ්පාදන හරහා) රැස් කරන බව KoreanBhasha.lk කණ්ඩායම ලෙස අපට ඔබ වෙත දැනුම් දීමට අවශ්‍යව ඇත. මෙම ලොග් දත්ත වලට ඔබගේ උපාංගයේ අන්තර්ජාල ප්‍රොටෝකෝල ("IP") ලිපිනය, උපාංගයේ නම, මෙහෙයුම් පද්ධති අනුවාදය, මෙම සේවාව භාවිතා කරන විට යෙදුමේ වින්‍යාසය, ඔබ සේවාව භාවිතා කරන වේලාව සහ දිනය, සහ වෙනත් සංඛ්‍යාලේඛන වැනි තොරතුරු ඇතුළත් විය හැක.
කුකීස් (Cookies)
Cookies යනු නිර්නාමික අනන්‍ය හඳුනාගැනීම් ලෙස සාමාන්‍යයෙන් භාවිතා වන කුඩා දත්ත ප්‍රමාණයක් සහිත ගොනු වේ. මේවා ඔබ පිවිසෙන වෙබ් අඩවි වලින් ඔබගේ බ්‍රවුසරයට යවනු ලබන අතර ඔබගේ උපාංගයේ අභ්‍යන්තර මතකයේ ගබඩා කර ඇත.
මෙම සේවාව නිෂ්චිතව මෙම "Cookies" භාවිතා නොකරයි. කෙසේ වෙතත්, යෙදුම තොරතුරු රැස් කිරීමට සහ යෙදුමේ සේවාවන් වැඩිදියුණු කිරීමට "Cookies" භාවිතා කරන තෙවන පාර්ශවීය කේත සහ දත්ත ගබඩා භාවිතා කළ හැක. ඔබට මෙම Cookies පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සහ ඔබේ උපාංගයට Cookies යවන්නේ කවදාදැයි දැන ගැනීමට විකල්පයක් ඇත. ඔබ අපගේ Cookies ප්‍රතික්ෂේප කිරීමට තෝරා ගන්නේ නම්, ඔබට මෙම සේවාවේ සමහර කොටස් භාවිතා කිරීමට නොහැකි වනු ඇත.
ආරක්ෂාව (Security)
KoreanBhasha.lk කණ්ඩායම ලෙස අප, ඔබගේ පුද්ගලික තොරතුරු අපට ලබා දීමට ඔබ දක්වන විශ්වාසය අගය කරන අතර, එබැවින් අපි එය ආරක්ෂා කිරීම සඳහා වාණිජමය වශයෙන් පිළිගත හැකි ක්‍රම භාවිතා කිරීමට උත්සාහ කරමු. නමුත් අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කිරීමේ කිසිදු ක්‍රමයක් හෝ ඉලෙක්ට්‍රොනික ගබඩා කිරීමේ ක්‍රමයක් 100% ආරක්ෂිත සහ විශ්වාසදායක නොවන අතර, KoreanBhasha.lk කණ්ඩායමට එහි නිරපේක්ෂ ආරක්ෂාව සහතික කළ නොහැක.
තෙවන පාර්ශවයන් වෙත සබැඳි (Third Party Links)
මෙම සේවාවෙහි වෙනත් අඩවි වෙත සබැඳි අඩංගු විය හැක. ඔබ තෙවන පාර්ශවීය සබැඳියක් ක්ලික් කළහොත්, ඔබව එම වෙබ් අඩවියට යොමු කරනු ඇත. මෙම බාහිර වෙබ් අඩවි KoreanBhasha.lk කණ්ඩායම විසින් ක්‍රියාත්මක නොවන බව සලකන්න. එබැවින්, මෙම වෙබ් අඩවි වල රහස්‍යතා ප්‍රතිපත්තිය සමාලෝචනය කරන ලෙස KoreanBhasha.lk කණ්ඩායම ලෙස අපි ඔබට තරයේ අවවාද කර සිටිමු. KoreanBhasha.lk කණ්ඩායමට කිසිදු තෙවන පාර්ශවීය වෙබ් අඩවියක හෝ සේවාවන්හි අන්තර්ගතය, රහස්‍යතා ප්‍රතිපත්ති, හෝ භාවිතයන් සම්බන්ධයෙන් කිසිදු පාලනයක් නොමැති අතර කිසිදු වගකීමක් භාර නොගනී.
ළමා පෞද්ගලිකත්වය (Childrens privacy)
මෙම සේවාවන් වයස අවුරුදු 13 ට අඩු කිසිවකුට ආමන්ත්‍රණය නොකරයි. KoreanBhasha.lk කණ්ඩායම දැනුවත්ව අවුරුදු 13 ට අඩු ළමුන්ගෙන් පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු රැස් නොකරයි. KoreanBhasha.lk කණ්ඩායම විසින් අවුරුදු 13 ට අඩු දරුවෙකු පුද්ගලික තොරතුරු සපයා ඇති බව සොයා ගන්නේ නම්, එය වහාම අපගේ තොරතුරු වලින් මකා දමයි. ඔබ දෙමාපියෙකු හෝ භාරකරුවෙකු නම් සහ ඔබේ දරුවා අපට පුද්ගලික තොරතුරු ලබා දී ඇති බව ඔබ දන්නේ නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න එවිට KoreanBhasha.lk කණ්ඩායමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වනු ඇත.
මෙම රහස්‍යතා ප්‍රතිපත්තියට වෙනස්කම් (Changes to this Privacy Policy)
KoreanBhasha.lk කණ්ඩායම අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති කලින් කලට යාවත්කාලීන කළ හැක. මේ අනුව, කිසියම් වෙනසක් සඳහා මෙම පිටුව වරින් වර සමාලෝචනය කිරීමට ඔබට උපදෙස් දෙනු ලැබේ. මෙම පිටුවේ නව රහස්‍යතා ප්‍රතිපත්තිය පළ කිරීම මගින් KoreanBhasha.lk කණ්ඩායම ඕනෑම වෙනස්කමක් ඔබට දැනුම් දෙනු ඇත. මෙම වෙනස්කම් මෙම පිටුවේ පළ කළ වහාම ක්‍රියාත්මක වේ. රහස්‍යතා ප්‍රතිපත්තියෙහි “අවසාන යාවත්කාලීන කළ දිනය” යාවත්කාලීන කිරීමෙන් අප ඔබට කිසියම් වෙනස්කමක් ගැන දැනුම් දෙන්නෙමු, ඔබ, එවැනි එක් එක් වෙනස් කිරීම් පිළිබඳ නිශ්චිත දැනුම්දීමක් ලැබීමට ඇති ඕනෑම අයිතියක් අත්හැරිය යුතුය.
අපව අමතන්න (Contact Us)
ඔබට මෙම ලේඛනය පිළිබඳ කිසියම් ප්‍රශ්නයක් හෝ යෝජනා තිබේ නම්,
support@koreanbhasha.lk හි අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න.