News
Korean Bhasha
Korean Bhasha
item banner
13-46-2024
උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීමට දකුණු කොරියාව ඇමරිකාව හා අත්වැල් බැඳගනී
පස් දින ඇමරිකානු නිළ සංචාරයක යෙදී සිටිනා දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යුල්, ඇමරිකානු ජනධිපති ජෝ බයිඩන් සමඟ උතුරු කොරියානු න්‍යෂ්ටික තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඒකබද්ධ ප්‍රකාශයක් සම්මත කරවා ගනු ලැබීය. මෙමඟින් ඕනෑම අවස්ථාවක උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට එල්ල වන න්‍යෂ්ටික ප්‍රහාරයන්ට ක්ෂණික හා බරපතල ප්‍රහාරයන් එල්ල කිරීමට ඇමරිකාවේ පූර්ණ සහය ලබා දෙන බවටද ඇමරිකානු රජය දකුණු කොරියානු රජයට පොරොන්දු වී ඇති බවට දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි