News
Korean Bhasha
Korean Bhasha
item banner
08-03-2023
කොරියාවේදී තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළ විදේශිකයන්ට සිදු උනු දේ !
පසුගිය සෙනසුරාදා (06/05/2023) දකුණු කොරියානු පොලීසිය විසින් සිදු කල විශේෂ වැටලීමක් අතරතුර Gyeonggi පලාතේ Siheung හි ඇති විදේශිකයන් සඳහා වෙන් කළ සමාජ ශාලවකදී තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සැක පිට 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. මේ පිරිස අතර දකුණු කොරියානු ජාතිකයන් දෙදෙනෙකු සහ වියට්නාම් ජාතිකයන් 8 දෙනෙකු සිට ඇත. තවත් වියට්නාම් ජාතිකයන් 5 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කල බව හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණයෙන් ඒ බව හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර පසුව ඔවුන් නීති විරෝධීව රැදී සිටින විදේශිකයන් බව හඳුනාගැනීමෙන් පසු කොරියානු ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඔවුන්ව භාර දී ඇත. දකුණු කොරියානු නීතියට අනුව තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කල වරදට ලබා දෙන දඬුවම ලෙස, වසර 10ක සිර දඬුවමක් හෝ වොන් මිලියන 100ක දඩ මුදලකට යටත් වනු ඇත. මත්ද්‍රව්‍ය වලින් නිදහස් රටක් සඳහා මින් ඉදිරියටත් දකුණු කොරියානු පොලීසිය මෙවැනි වැටලීම් සිදු කරනු ඇත.