News
Korean Bhasha
Korean Bhasha
item banner
24-35-2023
දකුණු කොරියාවට අවම උෂ්ණත්වය සහිත දිනය අද.
කොරියානු රාජ්‍ය කාලගුණ ඒජන්සියට අනුව, මෙම වාරයේ අවම උෂ්ණත්වය සහිත දිනය ලෙස අද දිනය (2023/01/24) වාර්තා වෙනවා. ඒ අනුව අද උදෑසන අවම උෂ්ණත්වය සෝල් හි සෙල්සියස් අංශක -16.4 දක්වාත්, උතුරු ප්‍රාන්තයේ චියර්වොන් හි -25.5 C දක්වාත් පහත වැටුණි. අඛණ්ඩව දින දෙකකට වඩා වැඩි කාලයක් උදෑසන අඩු උෂ්ණත්වය -15 C ට වඩා අඩු වූ විට හෝ උෂ්ණත්වය තියුනු ලෙස පහත වැටී විශාල හානියක් අපේක්ෂා කරන විට Cold wave alerts නිකුත් කෙරේ. සෝල් ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 9 සිට Cold wave alerts එසේත් නැතිනම් අනතුරු හැඟවීමේ සංඥා නිකුත් කරන ලදි.