News
Korean Bhasha
Korean Bhasha
item banner
08-02-2023
දකුණු කොරියාවේ පළමු දේශීය Monkeypox (වඳුරු උණ) රෝගියා හඳුනා ගැනේ.
දකුණු කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ ඒජන්සිය පවසන ආකාරයට දේශීව සම්ප්‍රේශණය උනු පළමු වඳුරු උණ රෝගියා පසුගිය දා වාර්තා වී ඇත. ඒ අනුව දකුණු කොරියාවේ මුළු වඳුරු උණ ආසාදිත සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇත. මෑත කාලිනව විදේශ සංචාර කිසිවක් සිඳු කර නැති මෙම පුද්ගලයා පිළිබඳ අනන්‍යතාවය හෙළි නොකල අතර සමෙහි ආසාදන තත්වයක් නිසා මොහු රෝහල් ගත් වී ඇත. එහිදී සිදු කල පරීක්ෂණ වලදී මෙම වඳුරු උණ තත්වය හඳුනාගෙන ඇත. දකුණු කොරියාවෙ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වඳුරු උණ රෝග ලක්ෂණ ගැන සැළකිල්ලෙන් සිටීම මඟින් මේ අනතුරෙන් ඈත්ව ජීවත්විය හැකිය. වඳුරු උණ රෝග ලක්ෂණ. 1) සමෙහි ඇතිවන කුෂ්ඨ (මෙය ප්‍රධාන වශයෙන් ඇති වන රෝග ලක්ෂණයක් වන අතර මීට අමතරම අනෙක් රෝග ලක්ෂණද සමහර විට පෙන්වයි.) 2)උණ. 3) ඉදිමුණු වසා ගැටිති. 4) වෙහෙසට පත්වීම. 5) මාංශ පේශි කැක්කුම සහ පිටුපස වේදනාව. 6) හිසරදය. 7) ශ්වසන රෝග ලක්ෂණ (උදා: උගුරේ අමාරුව, නාසික තදබදය හෝ කැස්ස)